බයියාගේ අය වැය කොහොමදැයි ජනපති විපක්ෂෙන් අහයි


ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ  පාර්ලිමේන්තු මන්දිරයේදී පැය තුනක අය වැය කතාව සමාප්ත කරමින්  මහින්ද රාජපක්ෂ ජනපති විපක්ෂයෙන් ඇසුවේ ‘කොහොමද ගොඩේ බයියාගේ අය වැය‘ යනුවෙනි.

ඒ අවස්ථාවේ කිසිවෙක් ඊට පිළිතුරු නුදුන්හ.එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුයේ මේ අය වැය අංක ගණිත ජිල්මාට් අය වැයක් බවයි.සියලු දෙනාටම සහන සලසන බව මුදල් හා ක්‍රම සම්පාදන ඇමැති ද වන ජනපති පැවසුවත් එයින් පොදු ජනයාට සිදු වන සෙතක් නැතැයිද ඔහු කීවේය.‘සිදුවන එකම දේ පොදු ජනයා නන්නත්තාර වීමයි.‘