
පසුගිය වසරේ ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ ජනාධිපති ආර්යාව ජිල් බයිඩන් ඇමෙරිකානු ඩොලර් 579,514 ක මුදලක් උපයා ඇතැයි ඊයේ (18) ප්‍රසිද්ධ කරන ලද බදු වාර්තාවේ සඳහන් වේ.
ජනාධිපතිවරයාගේ සහ ආර්යාවගේ ආදායම 2021 වසරට සාපේක්ෂව 2022 වසරේ ඇමෙරිකානු ඩොලර් 30000කින් අඩු වී ඇති බව එම වාර්තාවේ දැක්වේ.
ජනාධිපති ආර්යාව වෘත්තියෙන් ගුරුවරියක වන අතර ඇය පසුගිය වසරේ ඇමෙරිකානු ඩොලර් 82335ක මුදලක් ගුරුවරියක ලෙස සේවය කර උපයා ඇත.
ජෝ බයිඩන් ජනාධිපතිවරයකුට හිමි ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 4 ක වාර්ෂික වැටුප පසුගිය වසරේ ලබා ගෙන තිබේ.
පසුගිය වසරේ ජෝ බයිඩන් සහ ජිල් බයිඩන් ඉපැයූ ඇමෙරිකානු ඩොලර් 579,614 ක මුදලින් ප්‍රතිශතයක් ලෙස සියයට 23.8 ක් ෆෙඩරල් ආදායම් බදු ලෙස ගෙවා තිබේ.ෆෙඩරල් ආදායම් බදු ලෙස ඔවුන් ඇමෙරිකානු ඩොලර් 137,658 ක මුදලක් ගෙවා ඇත.එසේම ඩෙලවෙයාර් ප්‍රාන්තයේ ආදායම් බදු ලෙස ඇමෙරිකානු ඩොලර් 29,023 ක මුදලක් ජනාධිපතිවරයා සහ ආර්යාව ගෙවා ඇති අතර ජනාධිපති ආර්යාව තවත් ඇමෙරිකානු ඩොලර් 3139 ක මුදලක් වර්ජිනියා ප්‍රාන්තයේ ආදායම් බදු ලෙස ගෙවා තිබේ.
එසේම ජනාධිපතිවරයා සහ ආර්යාව ඇමෙරිකානු ඩොලර් 20000 ක මුදලක් පුණ්‍ය කටයුතු සඳහා පසුගිය වසරේ පරිත්‍යාග කර ඇත.ජනාධිපති ජෝ බයිඩන් විනිවිදභාවයකින් යුක්තව කටයුතු කරන ජනාධිපතිවරයකු බවත් ඔහු වසර 25 ක බදු ලිපිගොනු ප්‍රසිද්ධ කර තිබෙන බවත් ධවල මන්දිරය පෙන්වා ගී ඇත.
එසේම උප ජනාධිපතිනි කමලා හැරිස් සහ ඇයගේ සැමියා ඇමෙරිකානු ඩොලර් 456,918 ක මුදලක් පසුගිය වසරේ උපාය ඇති අතර ඉන් ඇමෙරිකානු ඩොලර් 93.570 ක මුදලක් ෆෙඩරල් ආදායම් බදු ලෙස ගෙවා ඇති බවත් කැලිෆෝනියා ප්‍රාන්තයේ ආදායම් බදු ලෙස ඇමෙරිකානු ඩොලර් 17,612 ක මුදලක් ගෙවා ඇති බවත් සඳහන් වේ.

