අප්‍රේල් 7 වැනිදා ලෝක සෞඛ්‍ය දිනය නිමිත්තෙන් කොළඹ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කොළඹ නගර සීමාවේ ‘‘සෞඛ්‍ය ක්‍රමානුකූල ආපනශාලා‘‘ සඳහා කහ පුවරු ලබාදීමට පියවර ගෙන තිබේ.
කොල්ලුපිටිය, බොරැල්ල, වැල්ලම්පිටිය, බම්බලපිටිය, කොළඹ කොටුව ආදී කොළඹ නගර සභා සීමාවේ ආපනශාලා 150කට පමණ මහජන සෞඛ්‍ය පරීක්ෂක පරීක්ෂාවට ලක්කර ඇති අතර, ඉන් ආපන ශාලා 50 කට පමණක් කහ පුවරු හිමිවන බව කොළඹ මහ නගර සභාවේ වැඩ බලන ආහාර පරික්ෂක එම්.බී.ලාල් කුමාර මහතා ප්‍රකාශ කළේය.

