බඹරු වතුකම්කරුවන් 20ක් රෝහලට යවති


නොර්වුඩ්  වෙන්චර් වතුයායේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද පෙරවරුවේ  බඹර ප‍්‍රහාරයක් එල්ල වීමෙන් 20 දෙනෙක් දික්ඔය රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති. ඉන්  හත් දෙනෙක බරපතල බව රෝහල් ආරංචි කියයි. සෙසු පිරිස බාහිර අංශයෙන් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇත.