බඹරු උඩින් පියාඹති


දිවයිනට පැමිණි ලොව විශිෂ්ඨතම බ්ලොග්කරුවෝ  අද උදෑසන සීගිරි බිතිසිතුවම් නැරඹීමට සීගිරි ගල තරණය කළහ.

ඔවුන් සීගිරි ගල මතින් බසින අවස්ථාවේ බඹරු රෑනක් ඔවුන්ගේ  හිස් උඩින් පියාසර කළහ. සියළු දෙනාම බිම වාඩිවී බඹරුන්ට පියාඹා යන්නට සැලසුහ. 

මෙම සංචාරයේදී ඔවුන් ලබා ගත්  තවත් සුවිශේෂී අත් දැකීමක් සීගිරියේ දී ලබා ගත් බව ඔවුහු පැවසූහ.

ලබන 18 වෙනිදා පැවැත්වීමට නියමිත   ආසියාවේ ප්‍රථම සංචාරක බ්ලොග්කරුවන්ගේ සමුළුවට සහභාගී වීම සඳහා මෙම පිරිස දිවයිනට පැමිණ ඇත.

ලොව නන් දෙසින් පැමිණි  බ්ලොග්කරුවෝ 46 දෙනෙකු මෙම සංචාරයට එක් වුහ.

සමුළුවට පෙර   ශ්‍රී ලංකාව පිළිබඳ අත්දැකීම් ලබා ගැනීමට දින 4ක පූර්ව සමුළු සංචාරයක් මෙම බ්ලොග්කරුවන් සඳහා සංවිධානය කර ඇත.

සමුළුව සඳහා දේශකයින් රැසක් සහභාගි වන අතර ඔවුන් ලොව සුප්‍රසිද්ධ ප්‍රධාන  පෙලේ මාධ්‍ය ආයතන වල ඉහල තනතුරු දරන්නෝ වෙති.

සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් සහ ශ්‍රී ලන්කන්  ගුවන් සමාගම  වෘත්තීය සංචාරක බිලොග්කරුවන්ගේ සංගමය  සමග එක්ව ඉහත සමුළුව සංවිධානය කරනු ලබන අතර  විශිෂ්ටතම සංචාරක බ්ලොග්කරුවන් 46  දෙනකු මෙම සමුළුව සඳහා තෝරාගෙන ඇත.

 1 2 4 5 6 7 8 9 10 11 13 14 15 16 17