බඹරු ඇන සිසුන් 50 ක් රෝහලේ


(පද්මසිරි ගාර්දියවසම් සහ චන්ද්‍රසේන ගමගේ )   

මිද්දෙණිය ප්‍රදේශයේ විහාරස්ථානයක පවත්වා ගෙන යන දහම් පාසැලක සිසු සිසුවියන් 50 දෙනකුට පමණ  අද (22) බඹර ප්‍රහාරයක් එල්ලවී ඇතැයි පොලිසිය කියයි . 

විහාරස්ථානය පිහිටි ප්‍රධාන මාර්ගය අසල ඉදිකර ඇති බුදු පිළිමය අසල කණුවක බැද තිබූ බඹර කූඩුවකට දහම් පාසැලේ සිසුවකු එල්ල කල ගල් ප්‍රහාරයක් හේතුවෙන් මෙම බඹරු ඇවිස්සී ඇතැයි පොලිසිය පවසයි . 

 බඹර ප්‍රහාරයට ලක්වූ සිසු සිසුවියන් පිරිස  මිද්දෙණිය ,කටුවන ,කාරියමඩිත්ත ,ඇඹිලිපිටිය යන රෝහල් වලට ප්‍රතිකාර සදහා යොමුකර ඇතැයි පොලිසිය පවසයි .