
(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර,එච්.බි.සේමසිංහ මාවතේ පිහිටි උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ සේවකයන් පස් දෙනෙකු එම කාර්යාල භුමියේදි බඹර ප්‍රහාරයකට ලක්ව ඊයේ (09 රෝහල් ගත කළ බව අනුරාධපුර පොලිසිය කියයි.
මෙම සේවකයන් පිරිස කාර්යාලයේ දෙවන මහලේ ජල ටැංකි පිරිසිදු කරමින් සිටියදි ඒ ආසන්නයේ බැද තිබු බඹර කුඩා දෙකක බඹරුන් ඇවිස්සි එම සේවකයන්ට පහරදි ඇති බව පොලිසිය පැවසිය.
එම බඹරැන් මාර්ගයේ ගමන් ගත් පුද්ගලයන් පිරිසකටද දෂ්ඨ කොට තිබුණි. බඹර විෂ ශරීර ගතවිමේ හේතුවෙන් රෝගී තත්වයට පත්වු එම පිරිස අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුහු තව දුරටත් ප්‍රතිකාර ලබති.
මෙම බඹර කුඩු දෙක ඉවත් කරදෙන ලෙස වනජීවි කාර්යාලයට දැණුම්දි ඇතත් මෙතෙක් එම බඹර කුඩා ඉවත් කොට නැති බවත් එම අධිකාරියේ උසස් නිලධාරියෙකු පැවසිය.

