බඹර වදවලට ගිනිතබා ගින්න නිවන්න ගිනි නිවීමේ ඒකකය කැඳවයි


රොමේෂ් මධුෂංඛ
   
කිලිනොච්චිය මහරෝහලේ බැඳ තිබූ විශාල බඹර වද දෙකක් ඉවත් කිරීමට බඹර වද වලට ගිනිතැබීමට පියවර ගැනීමෙන් ගින්න ව්‍යාප්ත වීම වැළැක්වීමට කිලිනොච්චිය ගිනි නිවීමේ ඒකකය ද කැඳවීමට සිදුව ඇත.


රෝහල අසල පිහිටි තල් ගසක අදාළ බඹර වද දෙක බැඳ තිබූ අතර මේ දිනවල පවතින දැඩි පෑවිල්ල හා සුළං හේතුවෙන් බඹර වදය නිතර ඇවිස්සී රෝහල් කාර්ය මණ්ඩලයට හා රෝගීන්ට දෂ්ට කිරීම හේතුවෙන් ඇතිවූ ගැටලු සහගත තත්වය හේතුවෙන් මෙම බඹර වද ඉවත් කිරීමට රෝහල් කාර්ය මණ්ඩලය විසින් පියවර ගනු ලැබීය.


කෙසේ වෙතත් බඹර වද ඉවත් කිරීමට බඹර වදයක ගිනි තැබීමෙන් පසුව තල් ගසටද ගින්න ඇවිලි විශාල ගින්නක් වශයෙන් ව්‍යාප්ත වීමට පෙර එය නිවා දැමීමට කිලිනොච්චිය ගිනි නිවීමේ ඒකකයට දැනුම් දී ගින්න නිවා දැමීමට කටයුතු කරන ලදී.


කෙසේ වෙතත් අදාළ බඹර වද වෙතට ගිනි තබා බඹරුන් විනාශ කිරීම සම්බන්ධයෙන් උතුරේ සත්ව හිංසා සංවිධාන විසින් විරෝධය පල කර ඇත.