(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
බීමතින් කලහකාරී ලෙස හැසිරීමින් පුද්ගලයෙකුට පහර දුන් බව කියන පොලිස් අශ්වාරෝහක කොට්ඨාසය රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරු තිදෙනෙක් කෙසෙල්වත්ත පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා(1) සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙම සැකකාර පොලිස් කොස්තාපල්වරුන් තිදෙනා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට ඉදිරිපත් කිරීමෙන් පසු අධිකරණ වෛද්‍යවරයා ඔවුන් පරීක්ෂාකර බලා බීමතින් සිටින බව සඳහන් කරමින් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
කෙසෙල්වත්ත පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් කෙසෙල් වත්ත බෝධිරුක්ඛාරාම විහාරස්ථානය අසල මාර්ග බාධක රාජකාරියේනිරතව සිටියදී පුද්ගලයකුට තවත් පුද්ගලයන් තිදෙනකු පහර දෙමින්කලහකාරී ලෙස හැසිරෙන අයුරු දැක ඇතැයි පොලිසිය කියයි.
මාර්ග බාධක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් වහා එහි ගොස් පහර කෑම්වලට ලක්ව සිටි පුද්ගලයා මුදාගෙන ඔහුට පහර දුන් තිදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.

