බම්බු ගේට්ටුකරුවෝ වැඩ වරති


තම ඉල්ලීම් වලට රජය පිළිතුරක් ලබා නොදීමට එරෙහිව අනාරක්ෂිත දුම්රිය ගේට්ටු මුරකරුවන්ගේ සංගමය අද (31) අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වෙයි. එම සංගමයේ පිරිසක් කොළඹ-මඩකලපුව ප්‍රධාන දුම්රිය මාර්ගය මනම්පිටිය ප්‍රදේශයෙන් අවහිර කළහ.

වැඩිකළ රුපියල් 5000ක දීමනාව ලබා නොදීම,ප්‍රවාහන අමාත්‍යවරයාගේ තීරණ  ක්‍රියාත්මක නොකිරීම,පොරොන්දු කඩ කිරීම,ඇතුළු ඉල්ලීම් රැසක් මුල්කරගනිමින් අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග ගේට්ටු 688 ක සේවකයෝ 2064 දෙනෙක් වැඩ වර්ජනයට සහභාගි වෙති.