දුම්රිය අනාරක්ෂිත ගේට්ටුකරුවන් අරඹා ඇති වර්ජනයට දින දෙකක් ගත වුවත් රජය මේ දක්වා කිසිදු විසඳුමක් දීමට ඉදිරිපත් නොවු බවත් ඉල්ලා ඇති ඉල්ලීම් ලබා දෙන තුරු අඛන්ඩ වර්ජනයේ යෙදෙන බවත් ශ්‍රී ලංකා අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග ගේට්ටු ක්‍රියාකරු සාමාජිකත්ව එකමුතු සංගමයේ සභාපති ජේ.ඒ.සි.ප්‍රේමලාල් මහතා පැවැසිය.
ජනතාවගේ ආරක්ෂාව සඳහා දුම්රිය අනාරක්ෂිත ගේට්ටු වල සේවයේ නියුතු වූවත් දිනකට රුපියල් 250 ක මුදලකින් පවුලක් නඩත්තු කරගෙන ජීවත්වීම ගැටලුවක් බවත් තමන්ට ලැබෙන වැටුපට රුපියල් 5000 ක මුදලක් ලබා දිය යුතු බවත් කියමින් සඳුදා (31) දුම්රිය අනාරක්ෂිත ගේට්ටුකරුවෝ වර්ජනයක් ඇරඹූහ.
එම මාර්ග වල ගමන් ගන්නා ජනතාව කියනුයේ මෙයින් තමන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවත් විශාල අනතුරක් වනතුරු දුම්රිය අනාරක්ෂිත ගේට්ටුකරුවන් හා රජය විසින් ගෙනයන ක්‍රියා මාර්ග පිළිකුලෙන් හෙළා දකින බවත්ය.