බම්බලපිටි දොස්තරගේ වං හුං සොයයි


කොළඹ ළමා රෝහලේ දොස්තර ප්‍රියංගිට මරු කැඳැවු බම්බලපිටිය ලංකා කොස්මැටික්ස් සර්ජරි ආයතනයේ  දොස්තර නිමල් ගමගේ ගේ සුදුසුකම් දැනගැනීමට බම්බලපිටිය පොලීසිය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සහාය පතයි.

පොලීසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේ ඒ ජී පුංචිහේවා  මහතා හමුවේ කියා සිටියේ වෛද්‍ය සභාවෙන් එම තොරතුරු ලබා ගැනීමට නියෝගක් නිකුත් කරන ලෙසයි.

මහේස්ත්‍රාත් එම නියෝගය නිකුත් කළේය.

ඒ අනුව නිමල් ගමගේ සමත් වු උපාධිය,උපාධිය ලබාගත් සරසවිය,උපාධි ප්‍රදානෝත්වසය  පැවැත් වු දිනය හා ඔහු ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වී ඇත් ද, සැත්කම්  කිරීම සඳහා ඔහුගේ ආයතනය සුදුසු ද යන කරුණු ද සැත්කම් සඳහා සුදුසු කාර්ය මණ්ඩලයක් ඇත් ද යන තොරතුරු වෛද්‍ය සභාවෙන් ලබා දෙන ලෙසට ද බම්බලපිටිය පොලීසිය අධිකරණයේ සහාය පැතීය.