බඳගිරියේ තරුණයා රිමාන්ඩ්


හම්බන්තොට බඳගිරියේ වී ගබඩාවකින් වී සොරකම් කලැයි සැකපිට  ජී ජී ගයාශාන් (22) තරුණයා හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා විසින් ලබන (21)වැනිදා තෙක් අද අලුයම 2:30 නිල නිවසේ්දී රිමාන්ඩ් කරනු ලැබීය.

පසුගිය (5)වැනිදා මෙම සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට පොලිසියෙන් අත්අඩංගුවට ගත් මොහු දින එකොළහක් තිස්සේ අතුරුදන්ව සිට බ්‍රහස්පතින්දා හිමිනමක් සමග පොලිස් මාධ්‍ය ප්‍රකාශක වෙත භාරවිය.

ඔහුගෙන් පැය හයක් පුරා කටඋත්තර ගැනීමෙන් පසුව අධිකරණයට ඉදිරිපත් කල බවත් ඔහුගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරු දෙදෙනෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකුගේ වැඩ තහනම් කල බවත් පොලිසිය අධිකරණයට දැන්වීය.

3 (4) 4 (2) (1)

ජායාරූප - සනත්  ගමගේ

A-01 A-02 A-03

ජායාරූප - දිලිප් ජයසේකර

වීඩියෝ - සනත් ගමගේ