බන්ධුල ගුණවර්ධනත් යන බව කියයි


හෝමාගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ධුරයෙන් ඉවත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන කියයි.

ඉල්ලා අස්වීම අද රාත්‍රී ජනපතිට බාර දෙන බවත්, අස්වීමට හේතුව හෝමාගම පිටිපන හරිත විශ්ව විද්‍යාලය ඉදි කිරීමට තැබූ මුල්ගල රජයට සම්බන්ධ පිරිසක් ඉවත් කිරීමට යෑම බවත් ඔහු පවසයි. 

මුල්ගල ඉවත් කිරීමට යන බව කියමින් පිරිසක් අද උද්ඝෝෂණයක් පැවැත්වූ අතර එම ස්ථානයට ආ ගුණවර්ධන මහතා තමා ඉල්ලා අස්වීමට නියමිත බව ප්‍රකාශ කළේය.

මුල්ගල මේ වන තෙක් ඉවත් කර නැත.