බන්ධුල ආචාර්ය උපාධියට ලියයි


ශ්‍රී ලංකා චීන  රබර් -සහල් ගිවිසුම ගැන  ආචාර්ය උපාධියකට ලිවීමට තමා දරු පවුලද සමඟ  චීනයට ගිය බව  හිටපු අධ්‍යාපන ඇමැති බන්ධුල ගුණවර්ධන මහතා කියයි.

ආචාර්ය උපාධියට ලියු බවත්  අද අලුයම පැමිණි බවත් ඔහු  පැවසීය.

ඔහු පසු ගිය 12 වැනීදා චීනයට ගියේය. එම ගිවිසුම ගැන ආචාර්ය උපාධි  දෙකක් ශ්‍රී ලංකාවට ලැබුණු බවත් ඉන් එකක් තබාට ලැබුණු බවත් ඔහු කියයි.

එස් ඩබ්ලිව්  ආර් ඩී බණ්ඩාරනායක රජයෙන් රබර් සහල් ගිවිසුම අත්සන් කළේ 1952 දීය. හෝමාගම ශ්‍රිලනිප රැස්වීමකදී අද (18) ගුණවර්ධන මහතා පැවසුයේ අධ්‍යාපන අමාත්‍යංශයේ තමා  කළ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන ලෙස නව ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගෙන් ඉල්ලා සිටින බවයි.

පැය බාගයක් තමා ඔහු සමඟ කතා කළ බවත් ඔහු කියයි.

‘මා අධ්‍යාපන ඇමැති කාලේ අලුයම පහේ සිට රාත්‍රි දොළහ දක්වා වැඩ කළා.ඒ අමාත්‍යංශය හරි හරියට හැල හැප්පීම් තියෙන තැනක්.‘