බන්ධනාගාරවල කෝවිඩ් ආසාදිතයන් ගණන 400 පනී


 

බන්ධනාගාරවල කෝවිඩ්-19 වයිරසය ආසාදනය වූ රැඳවියන් සහ නිලධාරීන් ගණන අද(15) මේ වනවිට 437ක් වී තිබේ.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේ අද දිනයේදී ආසාදිතයන් 108 දෙනෙකු හඳුනාගත් බවයි.

එම ආසාදිතයන් වැලිකඩ, බෝගම්බර, බූස්ස, මාතර සහ කුරුවිට බන්ධනාගාරවලින් වාර්තා වී ඇත.

(16844)