
මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඇප මත මුදාහරින ලද අයෙකු ඇප කොන්දේසි සපුරා තිබියදී
බන්ධනාගාරය මගින් මුදා නොහැර සිටීම හේතුවෙන් අවාසනාවන්ත ලෙස මහර බන්ධනාගාර ගැටුම අවස්ථාවේදි මියගොස් ඇති බවට අද (16) එම මරණකරුට විරුද්ධව ඇති නඩුව මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැදවු අවස්ථාවේ අනාවරණය විය.
මිනුවන්ගොඩ බටහිර නිල්පනාගොඩ ප්‍රදේශයේ පදිංචි අතුල කුමාර හෙවත් සුදනා යන ආරෑඩ නාමයෙන් හදුන්වනු ලබන සැකකරු හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් බාරයට පත් කර තිබේ.
රස පරික්ෂක දෙපාර්තමේන්තුව මගින් එවන ලද වාර්තාව අනුව සැකකරුට ඉකුත් නොවැම්බර් මස 25 වෙනිදා මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ඇප නියම කිරීමෙන් අනතුරුව එම ඇප කොන්දේසි සපුරා තිබියදී තම
සැමියාව බන්ධනාගාරය මගින් මුදා නොහැරීම මත තමාත් දරුවන් දෙදෙනාත් ඉතා අසරණ වී ඇතැයි එම මරණ කරුගේ බිරිඳ ඉතා සංවේදී වෙමින් විවෘත අධිකරණය හමුවේ පැවසීය.
නීතිඥ සරල කරුණාරත්න මහතා එම නඩුව වෙනුවෙන් පෙනී සිටිමින් තම සේවා දායකයාව අධිකරණය මගින්
ඇප මත මුදාහරින ලෙස නියෝග කර තිබියදී අධිකරණ නියෝගයක් නොමැතිව බන්ධනාගාරය තුල රදවා තබා ගැනිම හේතුවෙන් එම මරණය සිදුව ඇති බවත් රාගම රෝහලේ දී එම මලසිරුර තම සේවාදායකයා ගේ බිරිඳ විසින් හදුනා ගත් බවට උපදෙස් ලැබි ඇති බවත් අධිකරණය හමුවේ පැවසීය.
මිය ගොස් ඇති සැකකරුට වෙනත් නඩු නොමැති බවද අධිකරණයේ දී සදහන් විය. මිය ගොස් ඇති එම සැකකරුට විරුද්ධව ඇති නඩුව අවසන් කළ අධිකරණය එම මරණය සම්බන්ධයෙන් කණගාටුව පළ කර සිටියේය.

