වැලිකඩ බන්ධනාගාරයේ වෙඩි තැබීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඒ සම්බන්ධයෙන් ලිපි ලියූ මාධ්‍යවේදියකු වන කසුන් පුස්සවෙල මහතා අද කැඳවා විස්තර ලබා ගත්තේය.
මෙම වෙඩි තැබීම ගැන අධිකරණ අමාත්‍යංශයෙන් පත් කළ කමිටුවකින් විමර්ශන කළත් සාධාරණයක් ඉටු නොවූ බව කියමින් එම මාධ්‍යවේදියා පසුගිය නොවැම්බර් මාසයේ පැමිණිල්ලක් කර තිබිණි.
එම පැමිණිල්ල අනුව විමර්ශන ආරම්භ කළ මානව හිමිකම් කොමිෂන් සභාව ලිඛිත සහ ඡායාරූප සාක්කි අද ලබා ගත්තේය.
සිද්ධිය වූ වකවානුවේ බන්ධනාගාරයේ සිටි පුද්ගලයන්ගෙන් සහ වෙඩි කා මැරුණු සිරකරුවන්ගේ ඥාතීන්ගෙන් ද ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බව මානව හිමිකම් කොමිෂන් සභා ආරංචි මාර්ග කියයි.
2012 නොවැම්බර නව වැනි දා බන්ධනාගාරයේ සිදු වූ වෙඩි තැබීමෙන් සැකකරුවෝ 27ක් මිය ගියහ.

