
(ජයන්ත සමරකෝන්)
වැලිකඩ බන්ධනාගාර රෝහල ‘කොරෝනා’ ආසාදිත රැඳවියන්ගේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස වෙන් කිරීමත් සමඟ එහි අංක 3 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රභූවරුන් යැයි කියන පිරිසකට පමණක් නිලධාරීන්ගේ විවේකාගාරයේ පහසුකම් සපයා ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර් ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා, පාර් ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර යන දෙදෙනාත්, සිරදඬුවම් විදින තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් විදානපතිරණ, විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න ඇතුළු කීපදෙනෙක් මෙම පිරිස අතර සිටින බව බන්ධනාගාර ආරංචි මාර් ග සඳහන් කරයි.
වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 200 කට ආසන්න පිරිසක් මහර බන්ධනාගාර රෝහල වෙත මාරුකර යවා තිබේ.
එහෙත් පිරිසක් පමණක් වැලිකඩ බන්ධනාගාර රෝහලේ රඳවා සිටීම පිළිබඳව සෙසු රැඳවියන්ගේ සහ සෞඛ්‍ය කාර් ය මණ්ඩලයේ දැඩි කථා බහට ලක්ව තිබේ. මෙම පියවර ඉහළින් ලැබුණු නියෝගයක් මත මෙය සිදුවී ඇති බවට ද ආරංචි පැතිර යයි.

