බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයකු ගැන පරීක්ෂණ


අධිකරණ නියෝග මත බන්ධනාගාර ගත කරන ප්‍රභූවරුන් සමඟ සබඳතා පවත්වන බව කියන වෛද්‍යවරයකු ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මේ පිළිබඳ තමාට වාර්තානක් ලැබුණු බවත්, පරීක්ෂණයෙන් පසු පියවරක් ගන්නා බවත් සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා කියයි.

‘බන්ධනාගාර රෝහල අයිති බන්ධනාගාර දෙපාර්තමේන්තුවටයි. ඊට වෛද්‍යවරුන් ලබා දෙන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයෙන්. එහි සිටි වෛද්‍යවරයෙක් බන්ධනාගාර ගත වන ප්‍රභූන් සමග සබඳතා පවත්වනවා. එම ප්‍රභූන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමට පියවර ගන්නවා. මේ ගැන මට වාර්තාවක් ලැබී තිබෙනවා. පරීක්ෂණයකින් පසු දැඩි ක්‍රියාමාර්ග ගන්නවා.‘