
(ජයන්ත සමරකෝන්)
බන්ධනාගාර රැඳවියන්ට සිය නිවෙස් වෙත නොමිලයේ දුරකථන ඇමතුම් ලබාගැනීමට හෙට(16) සිට අවස්ථාව හිමිවන බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන අමාත්‍යංශය පවසයි.
කෝවිඩ්-19 තත්වය හේතුවෙන් බන්ධනාගාර රැඳවියන් හමුවීමට අමුත්තන්ට අවස්ථාව අහිමිවීම, මෙම සහනය ලබාදීමට හේතුව බවත්, ඒ අනුව මාසයක කාලයක් පුරා නොමිලයේ අවශ්‍ය පහසුකම් සපයන ලෙස ටෙලිකොම් සමාගමෙන් ඉල්ලීමක් කර ඇති බවත්, රාජ්‍ය ඇමැතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.
රැඳවියන්ගේ ආහාරපාන සහ අනෙකුත් අවශ්‍යතා සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස බන්ධනාගාර පාලනාධිකාරිය වෙතට උපදෙස් දී ඇතැයිද ඇය සඳහන් කළාය.

