බන්ධනාගාර බසයේදී වෙඩි වැදී මියගිය නිලධාරීන් දෙදෙනාටම උසස්වීම් සමඟ වන්දි


කළුතර බන්ධනාගාර සිද්ධියෙන් වෙඩි වැදීමෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන් දෙදෙනා ඊළඟ නිලයට උසස් කිරිමටත් වන්දි පිරිනැමීමටත් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.


ඒඅනුව මියගිය දෙවැනි පෙළ ජේලර් එස්.ආර්.විජේරත්න මහතා, පළමු  පෙළ ජේලර් නිලයටත් බන්ධනාගාර නියාමක එස්.සන්නිගම් මහතා සැරයන් නිලයටත් උසස් කරන බව බන්ධනාගාර කොමසාරිස් තුෂාර තෙල් දෙනිය  මහතා පවසයි.


ඔවුනට වයස අවුරුදු  පිරෙන තෙක්  වැටුප් හා දීමනා  ඥාතීන් වෙත ලබාදීමටත් පියවර ගන්නාබවද ඔහු කියයි. රුපියල් ලක්ෂ  විස්සක වන්දි ලබාදීමටත් ඇමැති ඩී.එම්. ස්වාමිනාදන් මහතා කැබිනට්  මණ්ඩලයට හදිසි යෝජනාවක්  ඉදිරිපත් කිරිමට ද නියමිතය.