බන්ධනාගාර බසයට වෙඩි තැබීමෙන් 7 ක් මරුට


කළුතර සිට කඩුවෙල අධිකරණය වෙත රැඳවියන් රැගෙන එමින් තිබූ බන්ධනාගාර බස් රථයකට කළුතර එතනමඩල ප්‍රදේශයේ දී වෑන් රියක් හරස්කොට අද (27) පෙරවරුවේ වෙඩි තැබීමක් සිදුවූ බව කළුතර දකුණ පොලිසිය කියයි.

අරුණ උදයශාන්ත හෙවත් සමයන් නමැති පාතාල සාමාජිකයා ඇතුළු රැඳවියන් පහක් සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකු සිද්ධියෙන් මියගොස් ඇතැයි ද පොලිස් ඇඳුමින් සැරසී පැමිණි පිරිසක් වෙඩි ප්‍රහාරය එල්ල කර ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

රැඳවියන්ගේ ආරක්ෂාවට පසුපසින් පැමිණි බන්ධනාගාර නිලධාරීන් රැගත් තවත් බස් රියකට ද වෙඩි ප්‍රහාරය එල්ලවීමෙන් එහි සිටි බන්ධනාගාර නිලධාරීන් පිරිසක් ද තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

වෙඩි තැබීමෙන් මිය ගිය බන්ධනාගාර නිල ධාරීන්- 

1) එස් සන්නිගම් - බන්ධනාගාර නියාමක

17015101_1366522786746885_615142281_o-(1)

2) එස් ආර් විජේරත්න - බන්ධනාගාර ජේලර් 

16939390_1366494810083016_8862594954231891032_n

වෙඩි තැබීමෙන් මිය ගිය සැකකරුවන් -

1) එම් පී අරුණ උදයංග පතිරණ (සමයං)

2) සන්තක චලන තිලක් මල්ලිකාගේ

3) කෝරලගේ අමිල ප්‍රසන්න සම්පත්

4) වාද්දුව පතිරගේ කැළුම් ප්‍රියංකර

5) ලිඳමුලගේ සුරංග ප්‍රසන්න කුමාර