(එස් .ඩි .කොඩිකාර )
බාල වයස්කාර දැරියක් පැහැරගෙන යෑම සම්බන්ධයෙන් මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවෙකු එම නඩුවට පෙනී සිටීමෙන් අනතුරුව ඔහුට ඇප ලබා ගැනීමට කිසිවකු ඉදිරිපත් නොවීම හේතුවෙන් නැවත බන්ධනාගාර බස් රථයට රැගෙන යාමේදී අද (8) බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පැන ගොස් ඇතැයි මොරවක පොලිසිය කියයි.
මේ වන විටත් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් මෙහෙයුම් දියත් කර ඇති අතර මෙසේ පැන ගොස් ඇත්තේ හම්බන්තොට ප්‍රදේශයේ පදිංචි (23) හැවිරිදි සමරවික්‍රම ආරච්චිගේ සවිත්‍ර හේමාල් නැමැති පුද්ගලයෙකි.
සැකකරු ඉකුත් මස (18) වන දින මොරවක මිල්ල ඇල්ල ප්‍රදේශයේ බාල වයස්කාර දැරියක් ත්‍රී රෝද රථයකින් පැහැරගෙන යාමට සූදානම් වන අවස්ථාවේ පාසල ආසන්නයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

