බන්ධනාගාර නියාමකට පහරදුන් සිද්ධියේ ප්‍රධාන සැකකරු අල්ලයි


(බිමල් ශ්‍යාමන්  ජයසිංහ)

නුවරඑළිය ග්‍රෙගරි වැව ආසන්නයේ හෝටලයක සැඟවී සිටියදී ගිනි අවි තුනක් සහ ජීව උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ගත් යුධ හමුදා කපිතාන්වරයා ගෙන් හා පාතාල සාමාජිකයාගේ සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු අනුව මිනුවන්ගොඩ බන්ධනාගාර නියාමකවරයා ට පහරදීමේ ප්‍රධාන සැකකරු ඇතුළු තවත් පුද්ගලයන් තිදෙනෙකු  අත්අඩංගුවට ගත් බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය කියයි.

 එම සැකකරුවන් සමග මෝටර් රථයක් හා වෑන් රථයක් ද පොලිස් භාරයට ගෙන ඇත .

 ඉකුත් මැයි 12  වෙනි දින මිනුවන්ගොඩ රාජසිංහ පුර බන්ධනාගාර නියාමකවරයා ගේ නිවසට අලුයම හතරට  ගොස් තිබූ සැකකරුවන් ඔහු දණගස්වා  හිසට ගිනි අවියකින් හිසට පහර දී තිබිණි.

එහිදී සැකකරුවන් විසින් බන්ධනාගාර නියාමකවරයා ගේ සහෝදරියට සහ මවට පහර දී තිබිණි.

පහර දෙන අවස්ථාවේදී තවත් පුද්ගලයෙකු  ජංගම දුරකතනයකින්  වීඩියෝ දර්ශනය කර එම දර්ශන විදේශ  රටක සිටින පාතාල නායකයකු වෙත යවා ඇති බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

බන්ධනාගාර නියාමකවරයා ට පහර දීමේ සිද්ධිය  සම්බන්ධයෙන් බියගම බණ්ඩාරවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 28ක පුද්ගලයෙකු සහ හෙයියන්තුඩුව දලුග්ගල පාර පදිංචි අවුරුදු 25 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඒ ප්‍රධාන සැකකරු වන 44 හැවිරිදි පුද්ගලයා මුල්ලේරියාව  නගරයේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියකු පැවැසීය.

ඩුබායි රටේ සැඟව සිටින සිටින හෝමාගම හඳයා නැමැති පාතාල සාමාජිකයා විසින් මෙම පහරදීම සිදු කිරීම සඳහා උපදෙස් ලබා ලබා දී ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබිණ.