බන්ධනාගාර නියාමක පත්වීම් ලිපි ආපසු ගත්තාට මානව හිමිකම් කොමිසමට යයි


බන්ධනාගාර  නියාමක පත්වීම්  350 ක්  සඳහා  තෝරාගත්  බවට  ලිපි යවා  පසුව ඒවා  හදිසියේ අවලංගු  කිරිමෙන් තම මානව හිමකම්  කඩ වු  බවට  එම පත්වීම්  ලාභීන් හෙට (1) පෙරවරු 10.00ට ශ්‍රි ලංකා  මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරිම සඳහා  යාමට  නියමිතය.


මෙම පත්වීම්  ඉකුත් වසරේ නොවැම්බර් 16 වැනි දින බන්ධනාගාර  අමාත්‍යාංශයේ නියෝගයක් මත අවලංගු  කර  දමනු ලැබුව ද මේ දක්වා  ඒ පිළිබඳව කිසිදු  වගකිවයුතු අංශයකින් තමන්ට  සාධාරණයක් වී  නැති  බවද ඔවුහු  සිය පැමිණිල්ලෙන්  කියා සිටිති.
අදාල සම්මුඛ පරික්ෂණයට  ඉල්ලුම්පත්  35000 ක් ලැබී ඇතැයි ද ඉන් තොරාගත්  8000 දෙනා අතරින්  350 කට  පත්වීම් ලිපි යවා ඇතැයි ද පත්විම් ලාභී එච්.ආර්.එල්.මෙන්ඩිස් මහතා පවසයි.