බන්ධනාගාර තාප්පයට ඉහළින් තහනම් පාර්සල් පියාඹයි


 
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

අයිස් මත්ද්‍රව්‍ය ඇතුළත් පාර්සලයක්  මැගසින් බන්ධනාගාරයේ තාප්පයට ඉහළින්   විසි කිරීමෙන් සිද්ධියක් සම්බන්ධයෙන් (02)දා විමර්ශනයක් ආරම්භ කළ බව බොරැල්ල පොලිසිය පවසයි .

පාර්සලය විසි කරන අවස්ථාවේදී එහි සේවය කල  ජේලර් වරයකු ඒ බව දැක ක්ෂණිකව ක්‍රියාත්මක වී පාර්සලය අහුලාගෙන බන්ධනාගාරයේ ඉහල නිලධාරින් ලබාදී ඇතැයි පැවසේ .

පසුව එය පරික්ෂා කිරීමේදී ජංගම දුරකථන දෙකක් ,දුරකථන චාජරයක් ,සිම් පතක් , ජංගම දුරකථන බැටරි දෙකක් , ලයිටර් දෙකක් ,  අයිස් මත්ද්‍රව්‍ය ඇතුළත් පාර්සල් දෙකක් , ගංජා පාර්සලයක් , දුම්කොළ දහයක් තිබී ඇති බව පොලිසිය කියයි .

පසුව මේ පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් අදාළ පාර්සලය  බොරැල්ල පොලීසියට ලබා දී ඇති බව පැවසේ .

ඒ අනුව පොලිසිය පවසන්නේ මෙම පාර්සලය බන්ධනාගාරය තුළට විසි කළේ කවුරුන්ද යන්න මෙතෙක් තොරතුරක් අනාවරණය වී නොමැති අතර ඒ පිළිබඳව සොයා විමර්ශනක් ආරම්භ කර ඇති බවයි. .