
(මනෝප්‍රිය ගුණසේකර)
බන්ධනාගාරවල තදබදය අවම කිරීම සඳහා අවශ්‍ය සැළසුම් සහ ක්‍රියාමාර්ග සතියක් තුළ තමන්ට දැනුම් දෙන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා අද (01) පොලිස්පතිවරයාට නියම කළේය.
සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරවල රදවාගෙන සිටින රැඳවියන්ට ඇපදීමට අවශ්‍ය කරන සැළසුම් පිළිබඳව ද තමන්ට දැනුම් දෙන ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයාට දැනුම්දී ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අවශ්‍ය සැළසුම් සහ ක්‍රියාමාර්ග පිළිබඳව අධ්‍යනය කොට ලබන 9 වැනිදා වන විට එම සැළසුම් සහ ක්‍රියාමාර්ග ක්‍රියාමාර්ග පිළිබඳව තමන් දැනුවත් කරන ලෙස ද නීතිපතිවරයා පොලිස්පතිවරයාට වැඩි දුරටත් නියම කොට ඇත.
බන්ධනාගාර තද බදය අවම කිරීමේ පියවරක් වශයෙන් සුළු මත්ද්‍රව්‍ය සහ වෙනත් වැරදි සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයට පත්කොට සිටින සැකරුවන්ට ඇපදීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා මීට පෙර පොලිස්පතිවරයාට දැනුම්දී තිබූ අතර තමන් මීට පෙර ලබාදුන් නියෝග සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග මොනවාද යන්න පිළිබඳව තමන්ට එදිනම දැනුම් දෙන ලෙස නීතිපතිවරයා වැඩි දුරටත් නියම කොට ඇත

