බන්ධනාගාර ගැටුමින් 8ක් මරුට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
                                       
මහර හිරගෙදර ඊයේ (29) රාත්‍රියේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා  බන්ධනාගාර නිලධාරීන් එල්ල කරන ලද වෙඩි පහරට ලක්වී රැඳවියන් 8 දෙනෙකු මියගොස්  50 දෙනකු තුවාල ලබා  රෝහල් ගත කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.

තුවාල ලැබූවන් අතර බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකු වන බව ඒ මහතා කීය .

තුවාල ලැබූවන් රාගම, කොළඹ ආදි  රෝහල්  වලට ඇතුළත් කර ඇත.

රැඳවියන් විශාල පිරිසක් ප්‍රධාන ගේට්ටුව කඩා ගෙන පලා යාමට තැත් කිරීමේදී මෙම වෙඩි තැබීම සිදුකර තිබූ බව මාධ්‍ය ප්‍රකාශක වරයා කීය .

මේ වන විට එම නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කර ඇති අතර පොලිස් විශේෂ කාර්ය බලකාය සහ විශේෂ පොලිස් කණ්ඩායම් කීපයක් මහර බන්ධනාගාරයේ ආරක්ෂාව සඳහා යොදවා ඇත.