(ජයන්ත සමරකෝන්)
වැලිකඩ,කොළඹ රිමාන්ඩ් හා මැගසින් යන බන්ධනාගාර ත්‍රිත්වයේ ආරක්ෂාව හා පරීක්ෂා කිරීම් ලබන මාසයේ සිය පොලිස් විශේෂ කාර්ය බළකාය යටතට පවරා ඇතැයි අධිකරණ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කරයි.
ඊට සහායවීම සඳහා බන්ධනාගාර පොලිසියේ නිලධාරීන් 10 දෙනෙකු යෙදවීමට තීරණය කර ඇතැයි අමාත්‍යංශ ප්‍රකාශකයෙක් පැවසීය.
බන්ධනාගාර බුද්ධි හා ආරක්ෂක අංශය මීට මාස දෙකකට පෙර ඇමතිනි ලතා අතුකෝරල මහත්මියගේ උපදෙස් මත විසුරුවා හරිනු ලැබූ අතර ඊට විකල්පයක් වශයෙන් අලුතින් පිහිටුවන ලද බන්ධනාගාර පොලිසිය යොදවා තිබුණි.

