සසර වසනාතුරු ජනතා විමුක්ති පෙරමුණට ආණ්ඩුවක් පිහිටවිය නොහැකි යැයි බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා වාද්දුව තල්පිටිය හෝටලයක රැස්වීමකදී පැවසීය.
2020 දී රජයක් පිහිටුවන ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් ඔහු එසේ කීවේය.
ඔවුන් කළැයි කියන අපරාධ ගැන ගුණවර්ධන මහතා උපහාසයෙන් කථා කළේය.
‘ජවිපෙ කවදාවත් ගෙදරකට ඇවිත් හැඳුනුම්පතක් පැහැරගෙන නැහැ. කළුතර දිස්ත්‍රික්කේ අය ඒ බව හොඳට දන්නවා. කවදාවත් පොදු දේපළ විනාශ කරලා නැහැ. උසාවි ගිනි තියලා නැහැ. කවදාවත් ට්‍රාන්ස්ෆෝමරයක් පුපුරවලා නැහැ. කවදාවත් බෝක්කුවක්වත් කඩලා නැහැ. කවදාවත් නිරායුද අහිංසක මිනිස්සු මරලා දණිස්සෙන් පහළට වළ දාන්න කියලා නියම කරලා නැහැ‘