බන්දු වගේ වෙන්න ගිය බින්දු අලුත්කඩේ


ජනප්‍රිය විකට රංගන ශිල්පී බන්දු සමරසිංහ අනුකරණය කරමින් ඔහුගේ නමින් චිත්‍රපටවල රඟපා ඩීවීඩී තැටි අලෙවි කළැයි කියන ඔහුගේම හැඩරුව ඇති බින්දු බෝතලේගමට එරෙහි නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේ අද (15) විභාගයට ගැනිණි.

සාමදාන වන්නැයි මහේස්ත්‍රාත් ඔවුනට උපදෙස් දුන්නේය. බන්දු සමරසිංහ නළුවා අනුකරණය කරමින් ඩීවීඩී තැටි අලෙවි කිරීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයට කටඋත්තරයක් දෙන්නැයිද බින්දුට නියෝග කැරිණි.

බුද්ධිමය දේපළ යටතේ තම අයිතිවාසිකම් උල්ලංඝනය කළැයි බින්දුට එරෙහිව මේ නඩුව පවරා ඇත.