ඌව පළාත් සභාවේ බදුල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන තුනක් අඩුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්ෂය අද (04) උදේ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා හමු විය.
ජෝසප් මයිකල් පෙරේරා සහ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරු ද, නීතීඥ දයා පැල්පොල මහතා ද ඊට සහභාගී වූහ.
ඌව පළාත් සභාවේ පෙර පැවැති ආසන විසි එක නව සංශෝධනයත් සමග 18 දක්වා අඩු වී ඇති අතර මොණරාගල දිස්ත්‍රික්කයට හිමිව තිබූ මන්ත්‍රී ආසන 11 දැන් 14 දක්වා වැඩි වී ඇත.
මොණරාගල දිස්ත්‍රික්කයේ ජන ගහණය වැඩිවීම නිසා මන්ත්‍රී ආසන වැඩි කළ බව මැතිවරණ දෙපාර්තමේන්තුව කියයි.

