බදුලු අ‘පුර දොස්තරලා වීදි බසිති


වෛද්‍ය සභාවට එල්ලවෙතියි කියන අනිසි බලපෑම් වලට විරෝධය පළකරමින් බදුල්ල මහ රෝහල ඉදිරිපිටදී අද (2) වෛද්‍යවරු පිරිසක් උද්ඝෝෂණයක් කළහ.

විවිධ සටන් පාඨ සහිත පුවරු අතැතිව වෛද්‍යවරු මෙසේ උද්ඝෝෂණය කළ අතර බදුල්ල,වැලිමඩ,මහියංගණ, දියතලාව,වැල්ලවාය,මොණරාගල යන රෝහල් වල සේවය කරන රජයේ වෛද්‍ය නිළධාරී සංගමයේ වෛද්‍යවරු ඊට එක්වූහ.

 කඩිනමින් විසදුමක් නැත්නම්  දැඩි වෘත්තීමය ක්‍රියාමාර්ගයක් ගන්නා බව එම සංගමයේ බදුල්ල ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ පැවසීය.

මාලබේ සයිටම් විශ්වවිද්‍යාලය වහාම ඉවත්කර එය ජනසතු කරන ලෙස රජයට බල කරමින් අනුරාධපුර  දිස්ත‍්‍රික් රජයේ වෛද්‍ය සංගමයේ සමාජිකයෝ  අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක් කළහ.

“මාලබේට වෛද්‍ය සභාවේ අනුමැතියකුත් නැහැ සයිටම් ආයතනය ආහෝසි නොකළොත් දැඩි ක‍්‍රියාමාර්ගයකට යනවා “යැයි එම සංගමයේ උතුරු මැද පළාත් කැදවුම්කරු වෛද්‍ය චින්තක විජේවර්ධන  කීය.

  s sd sdd

prasad prasadd