බදුල්ලේ සෞඛ්‍ය නිලධාරියෙක් මව්වරුන් අපහසුතාවට පත්කරයි


(යොහාන් භාසුර)

බදුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ සේවය කරන උසස් නිලයක් දරණ වෛද්‍යවරයෙක් සායනවලට පැමිණෙන ගැබිනි මව්වරුන්ට අපහාසාත්මක අන්දමින් බැණ වදින්නේ යැයි ප්‍රදේශයේ ජනතාව සෞඛ්‍ය බලධාරීන්ට පැමිණිළි කර තිබේ.

අදාල වෛද්‍යවරයා ගැබිනි මව්වරුන්ගේ සායනවලදී මව්වරුන්ට ඉතාමත් පහත් අන්දමින් කතා කරන බවත් ජාතිවාදී ප්‍රතිපත්තියක සිටිමින් මව්වරුන්ට නිගා කරන බවත් මව්වරු කියති. ගැබිනි මව්වරුන්ට පමණක් නොව එන්නත් ලබාගැනීමට දරුවන් රැගෙන එන මව්වරුන්ට ද ඒ ආකාරයෙන්ම අදාල වෛද්‍යවරයා බැණ වදින බව කියන ප්‍රදේශවාසීහූ මෙම තත්වය පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරී සංගමයට අවස්ථා කීපයකදී පැමිණි කළ බව ද සඳහන් කළහ.

අදාල වෛද්‍යවරයා නිරන්තරයෙන් අසම්මත ආකාරයෙන් හැසිරෙන බවත් එවැනි අවස්ථාවකදී වෛද්‍යවරයාට දොස් කී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් සමඟ ද ඔහු ගැටුමක් ඇතිකරගත් බවත් ජනතාව වැඩි දුරටත් කීහ.