( ප්‍රසාද් රුක්මල් )
බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (5) ජනතාවට දැනුම් දුන්නේය . .
උතුරු දෙසින් හමාඑන සුලං සමග මෙම දූෂිත සුලං ප්‍රවාහ මෙසේ ඊයේ (4) සහ අද (5) දෙදින තුළ බදුල්ල නගර ආශ්‍රිතව කදු කරයේ මීදුම මෙන් දක්නට ලැබෙන බවත් , එය මිනිස් සිරුරට අහිතකර විෂ දුමක් හෙයින් ජනතාවට හැකි සෑම අවස්ථාවකම මුඛ ආවරණ පැලද ආරක්ෂිත ව සිටින ලෙසටද දැනුම් දෙයි .
මේ අතර මීදුම මෙන් පවතින මෙම විෂ සහිත දුම විශේෂයෙන් හදවත් රෝගින් , ,ශ්වසන රෝගීන්ට , මෙන්ම බාල, මහලු තරුණ වැඩිහිටි ලමා පිරිසගේ සෞඛ්‍යයට අහිතකර බලපෑමක් එල්ලකර ඇති හෙයින් ජනතාවට සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් පිළිපදිමින් ආරක්ෂිත ව සිටින ලෙසට බදුල්ල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය .