පැයක් ඇතුලක මීලි මීටර් 75 කට වැඩි වර්ෂාපතනයක් ලැබුනොත් බදුලු දිස්ත්‍රික්කයේ නාය යාම් අවදානම් කලාප 4 කින් ඉවත් වන ලෙස බදුල්ල ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය අනතුරු ඇඟවීමක් කරයි.
ඇල්ල බංඩාරවෙල, වැලිමඩ, බදුල්ල, හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල මේ අවදානම් කලාප පිහිටා ඇත.
වැස්ස ගණනය කිරීමට වැසි මාපකයන් මහජනතාවට කල් තියා ලබා දී ඇති බවත් මේ දිනවල දිගටම වැසි පවතින බවත් ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය කියයි.
ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක ටී.එන්.එල් උදය ශාන්ත මහතා පැවසුවේ පැයකදී මිලි මීටර් 75 කට වඩා වැසි ඇති උවහොත් තව දුරටත් අවදානම් කලාපයන්හි නොසිටිය යුතු බවයි.

