බදුල්ලෙන් තුනක් කැපෙයි : මොණරාගලට තුනක් වැඩිවෙයි


ඌවේ ඡන්දය සැප්තැම්බර අග දී පැවැත්වීමට නියමිතය.

ඡන්දය පැවැත්වෙන දිනය අගෝස්තු හය වැනි දා ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා කියයි.

ඌව පළාත් සභා ඡන්දයේ ගණන් කිරීම, ප්‍රතිඵල නිකුත් කිරීම ඇතුළු සියලු කටයුතු සිදුවනුයේ බදුල්ල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයයේ දීය. රාජගිරියේ මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් සුපුරුදු පරිදි ප්‍රතිඵල නිකුත් නොවන බව මැතිවරණ කොමසාරිස් පවසයි.

මෙවර බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආසන තුනක් මොණරාගල දිස්ත්‍රික්කයට එක් වේ. ඒ අනුව ආසන 21ක් වූ බදුල්ලට ආසන 18ක් ද, ආසන 11 වූ මොණරාගලට ආසණ 14ක් ද වශයෙන් තෝරා පත් කර ගන්නා මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 32ක් බව කොමසාරිස් පවසයි.

 වැඩි ජනගහනයක් සිටිනුයේ බදුල්ල දිස්ත්‍රික්කයේය. එහෙත් වැඩි භූමි ප්‍රමාණයක් ඇත්තේ මොණරාගල දිස්ත්‍රික්කයේය.

හිටපු මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ   සන්ධානයෙන් ද, බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු එජාපයෙන් ද, සමන්ත ව්‍යාරත්න ජනතා විමුක්ති පෙරමුණෙන් ද මහ ඇමැති අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වීමට නියමිතය.