(නිමල කොඩිතුවක්කු)
අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.
ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල, පස්සර, හාලිඇල, කන්දකැටිය, ඌව පරණගම, මීගහකිවුල, සොරණාතොටත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙම අවධානම් නිවේදන නිකුත් කර ඇත.
ඒ අනුව ජනතාව සඳහා සඳහා හෙට (01) පස්වරු 12.30 දක්වා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
මෙම දිස්ත්‍රික්ක සඳහා වර්ෂාව තවදුරටත් පවතී නම් නායයාමේ, බැවුම් කඩාවැටීමේ, ගල්පෙරළීමේ, පස්කන්ඩි කඩා වැටීමේ සහ පොලව ගිලා බැසීමේ අවදානම පිළිබඳ විමසිලිමත් වන ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.