බදුල්ල රෝහලට දැඩි හානි


(රංජිත් කරුණාවීර) 

මහවැලි ගඟ පිටාර ගැලීමෙන්  මහියංගන රෝහලට දැඩි හානි සිදුව ඇතැයි පළාත් සෞඛ්‍යෙ සේවා කාර්යාලය කියයි

රෝහලේ පහළ මහලය අඩි හයක් පමණ ජලයෙන් යටවීම නිසා වටිනා මැෂින් රෝහල් ගබඩාවේ තිබූ කෝටි ගණනක බෙහෙත් ඖෂධ සම්පුර්ණයෙන් ම විනාශ වී ඇත.

පහළ මහලයේ සිටි රෝගීන් ඇඳන් පිටින් ඉමළ මහල වෙත රැගෙන ගිය බව රෝහල් ආරංචි මාර්ග කියයි. ගංවතුරෙන් සිදු වූ හානිය ගණන කිරීමට නොහැකි බව ද රෝහල් ප්‍රකාශකයෙක් කීය.