බදුල්ල රෝහලට උසස් වීමක්


(රංජන් කස්තුරි)

බදුල්ල පළාත් මහ රෝහල ශික්ෂණ රෝහලක් ලෙස උසස් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.

ශ්‍රී ලංකා ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ නව වෛද්‍ය පීඨයේ සිසුන්ට සායනික පුහුණුව ලබාදීම සඳහා එම රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කර තිබේ.

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ නව වෛද්‍ය පීඨයට අවශ්‍ය පරිදි  බදුල්ල රෝහලේ පහසුකම් සංවර්ධනය කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.