(ඇල්ල ප්‍රසාද් රුක්මල් )
බදුල්ල දුම්රිය ස්ථානය ඉදිරිපිට ප්‍රධාන ගේට්ටුව අසල තිබූ අභිරහස් ලෙස මියගිය නාදුනන පුද්ගලයකු ගේ මළසිරුරක් අද (10) උදෑසන සොයාගත් බව බදුල්ල පොලිසිය පවසයි .
උඩුබැලි අතට හැරී වැටී තිබූ මෙම මළසිරුර අවුරුදු 80 ක පමණ පුද්ගලයකු ගේ බවත් නිල්පාට කොටු සහිත සරමක් , සුදු පැහැති ඉරි කමිසයක් මොහු ඇද සිටි බවද පොලිසිය පැවසීය .
මළසිරුර අසල රතුපාට ඉටි බෑගයක දමා තිබූ කිරිපිටි , සීනි , පිරිමි ඇදුම් කීපයක් සමග රුපියල් 600ක ගමන් ගාස්තුව සදහන් බස්රථ ප්‍රවේශ පතක් තිබී සොයාගත් බව පොලිසිය සදහන් කළේය .