බදුල්ල ත්‍රිරෝද රියදුරෝ උද්ඝෝෂණයේ


2015 වසරේ නගර සභාවට ගෙවීමට ඇති හිඟ මුදල්  කපා දමන ලෙස ඉල්ලමින් බදුල්ලේ ත්‍රීරෝද රථ රියදුරෝ පිරිසක් ඌව පළාත් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක් ඇරැඹූහ.

ජනවාරියේ සිට නිසි පරිදි මුදල් ගෙවීමට කැමති බව ද ඔවුහු කියති.

බදුල්ල නාගරික කොමසාරිස් ඩබ්ලිව් රන්දෙනිය මහතා කියනුයේ ත්‍රීරෝද රථ රියදුරන් නගර සභාවට ගෙවීම ඇති හිඟ මුදල ලක්ෂ 70ක් බවයි.

නගර සභා  පනත අනුව හිඟ මුදල් නොගෙවූ රියදුරනට එරෙහිව නඩු පැවරූ බවත්,  දිනකට රුපියල් 20 බැගින් වන පරිදි මාස හයක මුදල් ගෙවා බලපතක් ලබාගෙන මේ මස සිට ඔවුනට වැඩ කරගෙන යා හැකි බවත් ඔහු කියයි.

IMG_20160106_101534[1] IMG_20160106_101729[1] IMG_20160106_101924[1]