බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණය අසල ගොඩගසා ඇති නගර සභාවේ කුණු කන්ද දෙදිනක් පුරා ගිනිගනිමින් පවතින බවත් ගින්නෙන් පැතිර යන මීතේන් මිශ්‍ර විස දුම නගරය පුරා පැතිර යාම හේතුවෙන් අවට පාසල් කිහිපයක සිසුහු පාසල්වලින් ඉවත් කළ බව පොලිසිය පවසයි.
අක්කර අටක පමණ භූමියක පැතිර ඇති කුණු කන්දේ ගින්නක් හටගෙන ඇති බවත් පවතින වියළි කාලගුණය හේතුවෙන් එය හටගන්නට ඇති බවත් බදුල්ල මහ නගර සභාව පවසයි.
ගිනි නිවන රථ හා යුද හමුදාවේ ද සහායෙන් ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරන බව බදුල්ල නාගරික කොමසාරිස් ඩබ්ලිව්. රන්දෙණිය මහතා කියයි.





