බදුල්ලේ ගිනිගත් කුණු කන්ද නිවීම සඳහා මේ වනවිට ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා දෙකක් පැමිණ ඇති අතර මේ වනතුරුත් ගින්න සම්පූර්ණයෙන් නිවා දැමීමට නොහැකිවී ඇතැයි පොලිසිය කියයි.
ගිනි නිවන හමුදාව, පොලිසිය හා ගුවන් හමුදාව එක්ව ගින්න නිවීමේ කටයුතු කඩිනමින් සිදුකරගෙන යන අතර ප්‍රදේශය පුරා පැතිර යන විස දුමද තවමත් එලෙසම පවතින බව අසල්වැසියෝ කියති.
මේ අතර මොනරාගල තොරම්බූව මරගලඅලියවත්ත සහ ඇතිමලේ ගුරුවලෙයි රක්ෂිතයේ අඟහරුවාදා (12) රාත්‍රී හටගත් ගින්නෙන් අක්කර 250ක් පමණ ගිනිගෙන විනාශ වී ඇතැයි මොනරාගල ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
ගින්න නිවීමට ජලය ලබාගැනීම සඳහා හෙලිකොප්ටර් යානා ලොග්ගල්ලාඔයට පැමිණෙන ආකාරය දැකිය හැකිවිය.
ඡායාරූප - ප්‍රසාද් රුක්මල්
ඡායාරූප - නිශාන්ත බණ්ඩාර