බදුල්ල අනතුරේ නිත්‍ය බස රියැදුරු අත්අඩංගුවට


(පාලිත ආරියවංශ)

බදුල්ල මහියංගණය ප්‍රධාන මාර්ගයේ දුන්හිද තිඹිරිගස්පිටිය 4 කනුව ප්‍රදේශයේදි ඉකුත් 21 වැනි දා සිදුවූ මාරක බස් අනතුර සම්බන්ධයෙන් එම බස් රථයේ නිත්‍යා රියදුරා  එම අනතුරට අනුබල‍දීමේ චෝදනාව යටතේ අද 26 දින අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පැවසීය.

අනුරාධපුර තලාව කුඹුක්ගහ වැව  පදිංචි මෙම පුද්ගලයාද තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු සුවය ලැබීමෙන් පසු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු අද බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදරිපත් කිරීමට නියමිතව තිබිණ.

තමා බස්රථය මුතියංගන රථ ගාලේ නතර කර බසයේ යතුර යතුරුකවුළුයේ තිබියදීම බැසගොස් ආපන ශාලාවකින් තේ පානය කළ බවත් නැවත එනවිට අනතුර සිදුකළ රියදුරා එම බසය පනගන්වා වෙනත් බසයකට ඉඩ ලබාදෙමින් සිටි බවත් මෙම නිත්‍ය රියදුරා තම ප්‍රකාශයේ සටන් කර ඇති බව පොලිසිය පැවසීය.