බදුල්ල - පස්සර මාර්ගය පැය 8 කට විවෘත කරයි


පාලිත ආරියවංශ

පස් හා ගල් කඩාවැටීමේ අවදානමක් හේතුවෙන් ඊයේ (4) සිට වසාදැමූ බදුල්ල - පස්සර මාර්ගයේ තනි මං තීරුවක් අද (5) වාහන ගමනාගමනයට විවෘත කර තිබේ.

උදෑසන 10 ට විවෘත කෙරුණු මාර්ගය ආරක්ෂක පියවරක් ලෙස යළි අද (5) සවස 6 සිට මාර්ගය වසා තබන බව ආපදා කළමනාකරණ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එල්.එම්.උදයකුමාර මහතා පැවසීය.