
(බිමල් ශ්‍යාමන් ජයසිංහ, සුමිත් පොතුපිටිය සහ ලක්මි කුඩලිගම )
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු සිදු කළ වෙඩි තැබිමකින් තරුණයකු තුවාල ලබා ඇතැයි බදුරලිය පොලිසිය කියයි
බදුරලිය ලත්පදුර කිලෝමීටර් එකේ කණුව අසලදී මෙම වෙඩි තැබීම සිදු කර ඇතැයි බදුරලිය පොලිසිය කියයි.
වෙඩි තැබීම සඳහා බෝර 12 වර්ගයේ ගිනි අවියක් භාවිතා කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
වෙඩි වැදී තුවාල ලද පුද්ගලයා බදුරලිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා නාගොඩ රෝහල වෙත මාරුකර යැවූ බව රොහල් ආරංචි මාර්ග කියයි
ඡායාරූප ලක්මි කුඩලිගම


