බදුරලිය රෝහල ඇරේ:දොස්තර තිදෙනෙක් වැඩ


බදුරලිය රෝහල දින හයකට පසු අද (27) ප්‍රතිකාර ඇරැඹිය.

වෛද්‍යවරු තිදෙනෙක් වැඩට ආහ.

එක්සත් ජාතික පක්ෂ මනත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා  හා ජාතික නිදහස් පෙරමුණේ පාලින්දනුවර ප්‍රාදේශිය සභා මන්ත්‍රී ප්‍රියන්ත බෙල්ලන මහතා එක්ව ඇරැඹු උපවාසය අවසන් විය.

තෙවරප්පෙරුම මහතා ගිලන් රියකින් රෝහලට ගිය නමුත් ඒ අවස්ථාව වාර්තා කිරීමට රෝහල මාධ්‍යවේදීන්ට ඉඩ දුන්නේ නැත.