බදුරලිය රෝහල අරිනතුරු එජාප මන්ත්‍රී උපවාසයේ


පස් දිනක් තිස්සේ වසා දමා ඇති බදුරලිය රෝහල විවෘත කරන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා සහ වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක දිලීප් පිටිගල මහතා බදුරලිය බස් නැවතුම්පොළ ඉදිරිපිට මින් පැයකට පමණ පෙර උපවාසයක් ඇරැඹීය.

පාලින්ද නුවර වීදිය බණ්ඩාර පුරාණ ගල්කණුගොඩැල්ල රජ මහා විහාරාධිපති දේවමුල්ලේ කල්‍යාණවංශ හිමියෝ ද මන්ත්‍රීවරයා සමග උපවාසයට එක්වූහ.